International Buddhist conference 2014



BAOJI, Shaanxi, Oct. 16 (Xinhua) -- Hundreds of the world's Buddhists gathered at an ancient temple in northwest China's Shaanxi Province on Thursday to open the World Fellowship of Buddhists' (WFB's) 27th general conference.

Congregating around a relic said to contain one of the Buddha's finger bones at the Famen Temple in Baoji City, more than 600 representatives from 30 nations and regions were in attendance.
The three-day event marks the first time the Bangkok-headquartered WFB has held its general conference on the Chinese mainland.

Buddhist leaders at the opening ceremony included the 11th Panchen Lama, Bainqen Erdini Qoigyijabu, and Nichiyu Mochida, chief abbot of Japan's Sogen-ji Temple.
Buddhism, which extols peace, compassion and virtue, has been an example of the exchange and two-way learning of different civilizations, wrote Yu Zhengsheng, chairman of the National Committee of the Chinese People's Political Consultative Conference (CPPCC), in a letter read at the opening of the event.
The letter mentioned the journey of Xuanzang, a noted Buddhist monk of the Tang dynasty (618-907), to ancient India for Buddhist enlightenment, as one of the wonderful episodes of cultural exchange.
Yu said Buddhist tenets can help mankind tackle current challenges and hoped that Buddhist circles in various nations could make concerted efforts in promoting the mutual understanding of people in different nations and contribute more to lasting peace and prosperity in the world.
He said the focus of the conference on charity and good will, is significant because it reflects the shared attentions of Buddhists in different nations on enhancing the well-being of mankind.
Du Qinglin, vice chairman of the National Committee of the CPPCC, said at the opening event that China supports Buddhist circles to play a positive role in shoring up economic development and social harmony and encourages Buddhists and other religions to promote cultural exchange with other nations.

AN EVENT THAT BODES WELL FOR MORE EXCHANGE
Master Chuanyin, president of the Buddhist Association of China (BAC), said the event is a milestone for friendship between the BAC and the WFB.

It will help Chinese Buddhists play a bigger role internationally, Chuanyin said.
The last WFB conference was held in Yeosu City in the Republic of Korea in June 2012.
Mochida said current and previous conferences have made him sense a "deepening relationship between Buddhists in northeastern Asia and south Asia," and he has "come to think that all Buddhist believers in the world are going in the way of great solidarity."

The Panchen Lama hailed the WFB as an organization that has strengthened Buddhists' communication and the development of different schools.

He urged Buddhists worldwide to jointly strive for deepened exchange and cooperation and work together to boost environmental protection and safeguard world peace, among other issues.

The conference has been organized by the WFB and jointly sponsored by the BAC and Shaanxi Province.
Founded in Sri Lanka in 1950, the WFB aims to promote strict observance and practice of the teachings of the Buddha, secure unity and brotherhood amongst Buddhists, and organize humanitarian activities.
Mahinda Rajapaksa, President of Sri Lanka, also sent a written message to the event.

"I am confident that the conference will not only help Chinese Buddhists to strengthen ties with the WFB and Buddhists worldwide but also contribute to world peace," Rajapaksa wrote.

Extracted from theworldofchinese

0 comments :

බුද්ධංගල වන සෙනසුන


එදා මේ ගල්තලාව කසාවතින් බැබළෙද්දී සැදැහැවතුන්ගේ සාධු නාදයෙන් ගුවන් ගැබ සිසාරා ගියේ ඓතිහාසික උරුමයන්ගෙන් ගහන නමින් බුද්ධංගල තපෝවනයෙහි මහිමය හඬ ගා ලොවට කියන්නාක් මෙන්ය. ඒ මෙයින් ශත වර්ෂ 20 කට පෙර අහිංසක සතා සිවුපාවුන්ට අභය භූමියක්ව, තුරු ලතාවන්ගෙන් ගහණ වූ සිත්කලු බිම් පෙදෙසක්ව, නිර්වාණගාමි මගට පිළිපන් සුසිල්වත් මහණුන්ගේ මන දොළ පිනවන බිමක් වශයෙනි. එය එසේ විය නොහැකි යැයි මෙම පුදබිම දුටු කිසිවකු නොසිතනු ඇත. වීතරාගීන්ගේ සිත් අලවන බිම් පියස කෙලෙස් හරිත වූවන්ගේ හද නොබැඳගන්නා බව බුද්ධ වචනයෙන්ද ප්‍රකාශිතය.
රත්තරන් පාටට රූරා වැටුණු නෑඹුල් අරුණලු ඈතින් ඈතට විහිදුනු වන අරණ අතරින් නැගී සිටි තුමුල ගිරි හිස් නහවමින් සිව් පර්වත පන්තියක් සේ දිස්වන මේ ගිරිකුලු තද බැවුම් සහිත කපොලුවලින් වෙන්ව තිබේ. එසේ හෙයින් වැසි කාලයේ ගල් මතින් ඇදහැළෙන දියදහරාවන් රිදී දිය ඇලි සේ කඩා හැලීම වූ කලී දුන්හිද සිහියට නැගෙනු ඇත. තැන තැන දිය ආරවුල්, දිය කෙම් පිරී ඉතිරෙන වැසි සමය තුළ සිය ගණනක් ඒ සතා සිවුපාවුන්ගෙන් වන අරණෙහිදී කිසිවකුට හිරිහැරයක් නොවීම ඉමහත් අසිරියකි. බුදුගුණ බලයකි. වැසි සමයේ මෙන් වියළි සමයේද සුවදායක සිසිලසකින් යුත් මෙහි ඕනෑම විඩාපත් වූවෙකුට ගතට සිතට ලබා දෙන සැනසිල්ල බුදුගුණයෙන් මුසුවී තිබීම ඉමහත් අසිරියකි. එහි එක් ගිරි හිසෙක සුදෝ සුදු පැහැයෙන් බබළන බුද්ධ ප්‍රමුඛ අගසව් දා නිදහිත චෛතයකි. ඊට මදක් ඔබ්බෙන් ගල් පව්ව මත හුදකලාව වැඩහිඳින බෝ රදුන් දිස් වේ. මනා කොට සැකසුනු බැම්මකින් යුත් මළුවක් ඊට රැකවරණය සපයයි. යෝධ ගල් කුලු අතරින් උතුරට විහිදී යන මව් ගල්තලා රැස මත පෞරාණික ඉදිකිරීම් රැසක නටබුන් ගොන්න අසිරිමත් අතීතයක සොඳුරු යටගියාව කියා පාන්නක් මෙන් නිහඩව සිටී.
එහි වූ උස්ම ගිරි ශිඛරය තරණය කරවුවෙකුට නෙත් මානයේ මැවෙමින් තිබෙන්නේ නෙත් සිත් පිනවාලන අපූරු දර්ශනයකි. මීට වර්ෂ 50 කට පෙර මායා රංජන නම් වූ සහෘද ලේඛකයා දුටු දිගාමඬුලු අසිරියෙන් ඉතිරිව ඇත්තේ නම් මෙම වන අරණෙහි බව එහි ගිය විට සිතනු නිසැකය. පසුබිමින් හරිත තුරුපත් අතරින් මුලු ගල්ඔය මිටියාවත එකට කැටි වී ඇත. ඈත දකුණින් කල්මුන සමන්තූර ඔබ්බට දිවෙන ක්ෂිතිජය වේ.
ක්ෂිතිජය දක්වා හෙළ රජ දරුවන් විසින් අමුණු කෝටියක් පමණ වපසරිය වගා කළ ඒ සරුසාර කෙත් බිම අපේ නරවිරුවන්ගේ දස්කම් විස්කම් මොනවට විදහා දක්වයි.
උතුරු දෙසට වන්නට ගල්ඔය ව්‍යාපාරයෙන් ජනාවාස වූ ජනපද ද ඉන් ඔබ්බෙහි රාස්සහෙළ කඳුවැටිය දක්වා විහිදී යයි. හෙළයේ අසිරිමත් හැදියාවට මුල පිරූ අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ ධාතු නිදන් කොට ඉදිකළ අතීත ගිරිකුම්හිල වෙහෙර සහිත රජගලද පියංගල, සමංගල වැනි වන අරණයන් වේ. දකුණු දෙසින් සම්බුදු සිරිපා පහසින් සුපිරිසුදු වූ ඓතිහාසින දීඝවාපී සෑ රදුන් වහන්සේ ය. බටහිරින් ඉගිනියාගල, වඩිනාගල හා ගෝවින්ද පබ්බතය පෙනේ. අතීතයේ පොළොන්නරුවේ සිටි ආක්‍රමණික කාලිංග මාඝට රුහුණු රාජ්‍යයට ඇතුල්වීමට නොදෙන ආරක්ෂක බලකොටුව වූයේ එයයි. එහි බුවනෙකබාහු නම් ඈපාණ කෙනෙකුන් වූ බව වංශ කථාකරු කියයි.
දිගාමඩුලු අසිරියෙහි යුග කීපයක් දැකුමට යායුතු එකම ස්ථානය නමින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයයි. ලංකා සිතියමේ පෙරදිගරට අම්පාර නම් දිසාවෙහි (දිගාමඩුලු දිස්ත්‍රික්කයේ) වැව්ගම්පත්තුව උතුරුප්‍රාදේශීය ආදායම් කොට්ඨාසයෙහි අම්පාර වසමේ අක්කර දහස් ගණනක් පුරා වනරජ දහනකින් ගිරිශිඛරයන් සහිත යෝගාවචරයින්ගේ ක්ෂේම භූමියක් වූවකි. එහි ළඟා විය හැක්කේ අම්පාර පොදු සුසාන භූ®මිය මැදින් දිවෙන කෙටි කාපට් පාරකිනි.
මෙවන් පුණ්‍යභූමියක් කරා දිවෙන කාගේ වුවද ගත සිත බුද්ධාලම්භන පී‍්‍රතියෙන් නැහැවෙනු නිසැකැය. ඒ එහි ඇති පෞරාණිකත්වය හා පූජනීයත්වය නිසාවෙනි. මෙම වන අරණ ක්‍රි. පූ. 2 – 3 සියවස්වලට අයත් වූ ඛීණාශ්‍රවයන් වහන්සේලා සිය ගණනින් වැඩසිටි සෙනසුනකි. අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ තම ජාතභූමිය වූ වේදිසාවේ සාංචි ස්තූපයෙහි තැන්පත් ශාරිපුත්‍ර- මොග්ගල්ලාන අග්‍රශ්‍රාවක ධාතූ®න් වහන්සේලා වඩමවා සර්වඥ ධාතුන් වහන්සේලා සමඟ එකම රන් කරඬුවක තැන්පත් කරවමින් මෙහි වටදාගෙයක තැන්පත් කරවූ බව පුරාවිද්‍යා මතයයි. ගිරිතුම්හිල විහාරයේ අභිලේඛනගත ශාක්ෂිය හා චිත්‍රා ලෙන යැයි නම් ලත් මෙම අරණෙහි ප්‍රධාන ගල් ලෙනෙහි වූ ශිලා ලිපිය එහිලා සාධක වන බව පුරාවිද්‍යා චක්‍රවර්ති ගරු එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.
උසින් අඟල් හතරක් පමණ රන් කරඬුවෙන් නෙළුම් මල් තුනකි. උස් නෙළුම් මලෙහි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දෙනමකි. දකුණු පසෙන් නෙළුම් මලෙහි පාත්‍රයෙහි ශාරිපුත්ත මහරහතන් වහන්සේගේද වම් පසින් කුඩාම නෙළුම් මලෙහි මුගලන් මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ සිටිති. එම ධාතු සහිත පාත්‍ර වැසීමට විධානයන් තුනක්ද එහි බෝපත්‍රවල ශාරිපුත්ත – මහා මොගලන යැයි ක්‍රි. පූ.1.2 ශතවර්ෂයට අයත් අක්ෂර වෙයි. මියදෙන්න දෙසතියකට පෙර පුරාවිද්‍යා මහැදුරූ සෙනරත් පරණවිතාරණයන් උක්ත පාඨය පිණිස මෙහි මොනවට සාක්ෂි දරයි.
මෙවන් නිර්මාණාත්මක කලාත්මක වූ කරඬුවක් බුද්ධ ප්‍රමුඛ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සමඟ ලංකාවේ කිසිතැනකින් හමු නොවූ බව පුරා විද්‍යා සක්විති තිරාණගම රතනසාර හිමියෝද අග්නිදිග ආසියාවෙන්ම හමු නොවූ බව පුරාවිද්‍යා සක්විති එල්ලාවල මේධානන්ද නාහිමියෝ, මහැදුරු ඉඳුරුවේ උත්තරානන්ද හිමියෝ, ආචාර්ය සද්ධාමංගල කරුණාරත්නයෝ කියති.
මෙම පුදබිම පුරා විහිදා ඇති පෞරාණික වස්තූ®න් තුළින් අපේ උරුමය මොනවට කියාපායි. අනුරාධපුර යුගයෙහිලා සඳකඩපහන්, මලසුන්, කොරවක් ගල් අභිලේඛණ සහිත ගල් ලෙන්, කොත් කැරලි, නිදන් වස්තූ, ඉපැරණි පොකුණු ශිලාමය නිර්මාණයන් තුළින් එදා නික්ලේෂි මහරහතුන්ගේ සිය ගණනින්, බැතිබර උවසු උවැසියෝ දහස් ගණනින් මෙම බුද්ධ ප්‍රමුඛ අගසව් ධාතු සහිත බුද්ධංගල බුදුගෙය වන්දනා කරන්නට ඇද්දැයි එහි ලඟාවූවන්ට මැවී පෙනෙනු නියතය.
ගල්ඔය ව්‍යාපාරය යටතේ ඓතිහාසික දිගාමඩුල්ල අම්පාර දිස්ත්‍රික්කය වශයෙන් එළි පෙහෙළිවත්ම වනවැදී සැඟවී සිටි බුද්ධංගල වන සෙනසුන එකලු කළ, බුදුගුණ රැස් පැතිර දන හදට සමීපකරන පහන් ටැඹක් බවට පත්කරනු ලැබුවේ කලුතර ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ හා බටයායේ අරියවංශ හිමිපාණන් වහන්සේය. උන්වහන්සේලා පිළිබඳ මා සිත්හි ඇත්තේ බුද්ධංගල වසාගෙන නැගෙන මනුෂ්‍යත්වය අබිබවා දේවත්වයට පත් අසිරිමත් පුද්ගලයන් දෙදෙනෙකුගේ පිළිබඳ වූ ප්‍රතිරූපයකි.
1964 වර්ෂයේ දඩමස් වේලන්නන්ගේ කෙම් භූමියක්ව පැවති මගක් තොටක් නොමැතිව ජලය බිඳක්වත් නොමැති රූක්ෂ තුරු ලතාවන්ගෙන් යුත් මෙම වන දහනේ සතා සිව්පාවන්ගෙන් කිසිදු හිංසාවකින් තොරව එක වේලක් පමණ දන් වළඳමින් සැතපුම් හතරක් පහක් ජලය හා පිණ්ඩපාතේ සඳහා වඩිමින් ආදි කර්තෘභූත හිමිවරුන් විඳී නේක හිරිහැර වෙනම ඉතිහාස කතාවක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම වටී. බුද්ධංගල නාහිමියන් ප්‍රදේශයේ සිංහල අසිංහල බලධාරීන් සමඟ ගැටී ඔවුන්ගේ සහාය ලබා ගෙන බුද්ධංගල ගොඩනැඟු අයුරු බුදුපුතකුගේ අප්‍රතිහත ධෛර්යය ගැන කියවන බණ කතාවක නොමැති කථාවක් වැනිය. මෙම වන අරණෙහි බුදු ගුණ රැස් දහරින් නැහැවුණු හදවත් වලට ලැබුණු නිර්මල ධර්මාවවාදයක් අමා වැස්සක් සේ අදට වයෝවෘද්ධ උවසු උවැසියන් දහස් ගණනකගේ ධර්ම පිපාසය සංසිදුවයි. මග නොදැන අයාලේ යමින් ආමිසත්වයට ලොල් වූ ජනපදවැසි හුදී ජනයාට ධර්ම මාර්ගය කුමක්දැයි හෙළිකරදීම බුද්ධංගලින් සිදු වූ ප්‍රධාන කාර්යකි. ආගමික වශයෙන් පමණකුදු නොව දිගාමඩුල්ල තුළ යම් කිසි සිංහල ප්‍රබෝධයක් වේ නම් එහිලා බුද්ධංගල නාහිමියන් ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරන වග කිවයුතු නොවේ. 1972 වර්ෂයේ දී වත්මන් චෛත්‍ය ඉදිකිරීම පිණිස පුරාණ වටදාගෙය කැණීම් සිදු කරද්දී ඉහතකී දා කරඬුව හමු වීම බුද්ධංගල නවෝදයේ ප්‍රධානතම සාධකය විය. එතෙක් මෙතෙක් කොතෙක් ත්‍රස්තවාදී උවදුරු අගහිඟකම් තිබුණ ද දිඟාමඩුලු පුරවරයේ බෞද්ධ ආගමික ප්‍රධාන පුන්‍ය මහෝත්සවයක් වශයෙන් වාර්ෂික පොසොන් මහා පින්කම සිදු කරනු ලැබේ.
බුද්ධංගල නිර්මාතෘවර අප ලොකු ස්වාමීන් වහන්සේ දැනට දෙමසකට පෙර අපවත් වී වදාළ, උන් වහන්සේගේ සුවච කීකරු සිසු දරුවන් හා කෘතවේදී දායක පිරිස වශයෙන් ආරම්භ කළ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා සැමගේ සහයෝගය අත්‍යවශ්‍යය.
අති ගරු වර්තමාන සේනාධිපතින් වහන්සේ ද බොදුනුවන්ගේ බැතිබර හදවත් ප්‍රබෝධ කර ධර්ම මාර්ගයට අනුගත කරවීම පිණිස ධාතු ගර්භය අසළ දර්ශනීය ධාතු මණ්ඩපයක් කරවා ඒ මතට ධාතු ගර්භයෙන් ධාතු කරඬුව වැඩමවා ප්‍රදර්ශනය කරවීම දිගාමඩුල්ලට පමණක් නොව මුලු දෙරණටම බුදු ගුණ රැස් දහරින් නැහැවීමට හේතුවනු නියතය. මෙවරද ජූනි මස 12, 13, 14 යන තෙදින තුළ සුපුරුදු පරිදි ඒ අග්‍රගණ්‍ය දැකීමට දුෂ්කර වූ බුද්ධ ප්‍රමුඛ අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට ද එයට සමගාමීව ශීල, භාවනා, ධර්ම දේශනා, දන්සැල්, පරිත්‍රාණ ධර්ම දේශනා ද පැවැත්වෙයි. මේ තුළින් ශ්‍රීමත් ජනාධිපතිතුමා ප්‍රධාන රජයට , ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් බලකායට, රට වැසියන්ට සැනසිල්ල සෞභාග්‍ය පැතීමත් ලෝ සසුන් සුරකින දෙවියන්ට මියගිය දායක කාරකාදීනට පුණ්‍යානුමෝදනා කිරීම කරනු ලැබේ.
සේනාසනාධිපතීන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යෙන්, රාජ්‍යානුග්‍රහයෙන්, සැදැහැවතුන්ගේ නොමසුරු ආධාර උපකාරිත්වයෙන් ආරණ්‍ය සාධක සමිතිය මගින් පොසොන් මහා පින්කම සිද්ධ කිරීමට අපේ්ක්ෂා කරයි. ඒ තුළින් ජනයාගේ බුදු බැතිය වර්ධනය වී ධර්මයෙන් සැනසීමට පත්වන්නේ නම් අපගේ ප්‍රයත්නය මල් ඵල ගැන්වෙනු ඇත.
ජීවිතය වූ කලී කාව්‍යයක් නොවන බව සැබෑය. එහෙත් එහි නොසියුම් පදවැල් අතරින් මතුවන රිද්ම රටා පහන් වූ සිත් පත්ලේ වචනයෙන් නැගිය නොහැකි සොඳුරු සංවේදයකින් මැවෙයි. ඒ සංවේදය ඔබ ගතින් සිතින් විඳ දරා ලන්නට නම් මෙවන් පුදබිම් නෙතින් ස්පර්ශ කළ යුතුය. එයින් උපන් පහන් සංවේගය ඔබගේ ජීවිත ගමන් එක්තරා අයුරකින් පුනරාවලෝකනය කරනු ලබන කාව්‍යයක්, ආදර්ශයක් කර ගැනීමට සුදුසු තම අවස්ථාවයි මේ උදාවන්නේ . එයින් ඔබට දිවි ගමනේ සදොස් තැන් නිදොස් කරගෙන සුසීලත්වයේ සංකේතයක්ව ධර්මය සයුරෙහි ජීවිතය නමැති නෞකාවෙන් විමුක්ති සුවය නම් පරම ක්ෂේම භූමියට ළඟා වීමට මෙම අසිරිමත් අගසව් දා සිරි සර්වඥ ධාතූ ප්‍රදර්ශනය ඉවහල් කර ගනිමු. එයින් ජීවිතය එක්තරා දුරකට සොඳුරු කාව්‍යයක් කර ගනිමු.

0 comments :

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරය


හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානය ශත වර්ෂාධික ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියා පාන විහාරස්ථානයකි. කැලණි ආසනයේ පිහිටි හුණුපිටිය ගම ග්‍රාම සේවා වසම් 5ක් සහිත විශාල ගමකි. වර්තමානයේ මෙම ගම වටා විහාරස්ථාන කීපයක්ම තිබේ. ඒ අතරින් ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල

කොස්ගොඩ ශ්‍රී දේවානන්ද මා හිමි අනුස්මරණ දෙමහල් ධර්ම මන්දිරය


ප්‍රතිසංස්කරණය කරන ලද ධර්මශාලා මන්දිරය

අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත ඉපැරැණි බෝධින් වහන්සේ
ඈත අතීතයේදී ශ්‍රී විජය සුන්දරාරාම විහාරස්ථානය සඳහා සිය ඉඩම් දේපළ පූජා කරන ලද්දේ බී.කොරනේලිස් ප්‍රනාන්දු වෙද මහතා විසිනි. මෙම විහාරස්ථානය ඉපැරැණි මහනුවර යුගයට අයත් විහාර මන්දිරය පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් බවට ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව 2005 ජූලි මාසයේදී පැරැණි විහාර මන්දිරය නිමවා ඇති පිළිම වහන්සේලා සහ බිතු සිතුවම් සහිත විහාර ගෘහය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට පිළිසකර කරදෙන ලදී. එසේම මෙම විහාරස්ථානය සතුව තිබෙන ඉපැරැණි ධර්ම ශාලාව ශත වර්ෂාධික ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියයි. එසේම එය මෑතකදී ඉතා අලංකාරවත් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදී. 2003 වර්ෂයේදී ඉදි කරනු ලැබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කරන ලද්දේ අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමිපාණන් වහන්සේ විසිනි.
1874 ආරම්භ කරන ලද විහාරස්ථ බෞද්ධාරක්ෂක සභාව විසින් විහාරස්ථානයේ අභිවෘද්ධිය පතා විශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි. කැලණිය කලාපයේ පැරණිතම දහම් පාසල වන ශ්‍රී ධර්මාශෝක දහම්පාසල 1933 වසරේදී ආරම්භ කරන ලදී. අතීතයේ සිටම මෙම දහම්පාසලෙන් රටට දායාද කළ උගත් බුද්ධිමතුන් පිරිස් අද සමාජයේ උසස් තලයක වැජඹේ. 1987 දී ශී‍්‍ර විජය පෙර පාසල ආරම්භ කළේ අපේ බෞද්ධ දරුවන් ඉතාම කුඩා කාලයේ සිටම බෞද්ධ පරිසරයක හැසිරිය යුතු අන්දම නගා සිටුවීම සුදුසු යැයි කල්පනා කළ නිසාය. එය ඉතාමත් සාර්ථක ලෙස අද ප්‍රදේශයේ හොඳම පෙර පාසලක් බවට පත්වී තිබේ. එහි අන්‍ය ජාතික දරුවන් පවා අධ්‍යාපනය ලබන බව සඳහන් කරන්නේ අභිමානයෙනි. 1988 දී ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ අනුබද්ධ කාර්මික විද්‍යාලයක් ලෙස හේමානන්ද කාර්මික විද්‍යාලය ආරම්භ කරන්නට අවස්ථාව උදා කරගත්තේය. අද මෙම කාර්මික විද්‍යාලය කැලණි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ලෙසට වෘත්තීය පුහුණූ අධිකාරිය යටතේ කාර්මික පුහුණු පාඨමාලා උගන්වන සාර්ථක මධ්‍යස්ථානයක් බවට පත්වී තිබේ.
අනාගතයේදී ශිෂ්‍ය භික්ෂු පරපුරක් දැයට දායාද කරලීම අරමුණ ඇතිව ශිෂ්‍ය භික්ෂූන්ට නැවතී අධ්‍යාපන කටයුතු කිරීමට සියලු පහසුකම් සහිත නව සංඝාවාස ගොඩනැගිල්ලක් මෑතකදී ඉදි කර අවසන් කරනලදී.
මෙම පූජනීය විහාරස්ථානයේ 1956 වසර දක්වා සතර දිගින් වඩින මහා සංඝ රත්නය වැඩ වාසය කළ අතර, 1956 සිට කොස්ගොඩ දේවානන්ද මා හිමිපාණන් විහාරාධිපතින් වහන්සේ ලෙස බෞද්ධාරක්ෂක සභාව මගින් පත් කර ගන්නා ලදී. උන්වහන්සේ 1977 අපවත් වීමෙන් පසුව උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වලවෙල සෝමසිරි හිමිපාණන් වහන්සේ විහාරාධිපති ධූරයට පත් වූ අතර විහාරස්ථානයේ සංවර්ධනයට විශාල මෙහෙවරක් කරන ලදී. උන් වහන්සේ 1983 අපවත් වීමෙන් පසු විහාරස්ථානයේ අති විශාල නවෝදයක් ඇති වූයේ වලවෙල සෝමසිරි හිමිපාණන්ගේ ශිෂ්‍ය වලවෙල හේමානන්ද නා හිමිපාණන් වහන්සේ විහාරාධිපති ධූරයට පත් වීමත් සමගය.
වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි 2003 වසරේ ජනවාරි මස 01 දින අඛණ්ඩව දිනපතා බෝධි පූජා පින්කම් හා සෙත් පිරිත් සජ්ඣායනයන් සිදු කරනු ලබන අතර එබැවින් විහාරස්ථානය නිතරම සැදැහැවතුන් ගැවසෙන පූජනීය ස්ථානයක් බවට පත්වී තිබේ. සියලුම දායක දායිකාවන් සිහිකර ඔවුන්ට පින් අනුමෝදන් කිරීමටත් එසේම විහාරස්ථානයේ වැඩ වාසය කර අපවත් වී වදාළ සියලු නායක ස්වාමින් වහන්සේලා සිහි කර ගුණානුස්මරණ පින්කම් මාලාවක් 1986 සිට කඨින පින්කම් සිදු කරන හැම වර්ෂයකම ඊට සමගාමීව සිදු කරනු ලබයි. මෙම නිසා දෛනිකව සිදු කරන ජාතික ආගමික කාර්යයන්ගෙන් සමන්විත විහාරස්ථානයක් බවට ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරය පත්ව ඇත.

[උපුටා ගැනීම - බුදු සරණ-2014.09.02]

0 comments :

කඨින පින්කම් හා ආනිසංස | Katina Pinkam

කඨින පින්කම් හා ආනිසංස
කඨින පින්කම් හා ආනිසංස
බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ
නියෝජ්‍ය ශාලාධිපති
ශාස්ත්‍රපති අතලේ සුමන හිමි

වප් පුන් පොහෝ දිනයෙන් වස්සාන ඍතුව අවසන් වෙයි. ඇසළ අවපෑළවිය දින වස්සානයේ පෙරවස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලා වප් පුන් පොහෝ දින පෙරවස් පවාරණය කළහ. අනතුරුව එළඹෙනුයේ කඨින චීවර මාසයයි. පුරා මාසයක් කඨින පින්කම් පැවැත්වීමට අවකාශ ඇත. මෙම මාසය ලොව පුරා බෞද්ධයෝ කඨින චීවර පූජාව පෙරටුකොට මහ පින්කම් කරති.
වස් විසූ භික්‍ෂූන් වහන්සේලාට පවාරණයෙන් අනතුරුව ‘කඨින’ නමින් චීවරයක් ඇතිරීමට අනුදැන වදාළහ. භික්‍ෂුවගේ පහසු විහරණය පිළිබඳව නිරතුරුව සැළකිලිමත් වූ බුදුරදුන් කඨිනයක් ඇතිරීමට අනුදත්තේද ඒ සඳහාමය. පාවා නුවර වැසි භික්‍ෂූන් තිස් නමක් බුදුරදුන් වැඳීම සඳහා සැවැත්නුවර බලා පිටත් වූහ.අතර මඟ සාකේත නුවරදි වැසි සමය ආරම්භ වූ හෙයින් විනයෙහි පැනවීම අනුව උන්වහන්සේලා එහි වස් සමාදන් වූහ. වැසි සමය අවසන් වත්ම යළි බුදුරදුන් හමුවීමේ අභිලාශයෙන් මඟට වන් උන්වහන්සේලා අතර මඟදී මහ වැස්සට හසු වී පීඩාවට පත් වූහ. තෙත සහිත සිවුරු වලින් යුතුවම බුදුරදුන් වැඳ සිටි විට තුන් සිවුරට අතිරේක සිවුරක අවශ්‍යතාවය දැක වස් විසූ භික්‍ෂූන්ට ‘කඨින’ නමින් සිවුරක් පිළිගැනීමට අවසර දුනි.

මහ පොළොව මෙන් අකම්පිත හෙයින්ද මහාමෙර මෙන් නොසැලෙන හෙයින්ද දියමන්තියක් මෙන් නොබිෙඳන හෙයින්ද මෙම චීවර පූජාව ‘කඨින’ නමින් හැඳින්වේ. ආනිසංසයන්ගේ ඇති විපුල බවත්, සුවිශේෂි බවත් පදනම් කර ගනිමින් මෙලෙස හැඳින් වූවා නිසැකයි. අට මහා කුසල් නමින් පින්කම් අටක් අනුපිළිවෙලින් හඳුන්වා දී ඇත. එම පින්කම් අතර ප්‍රමුඛස්ථානය කඨින පින්කමට ලැබෙන අතර අටපිරිකර පූජාව ආවාස දානය, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විෂයෙහි ප්‍රත්‍යය පූජාව, ධර්මය ලියවීම, බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම, වැසිකිළි සෑදීම හා ළිං පොකුණු තැනවීම සෙසු පින්කම් වේ.

කඨින පින්කමෙහි ආනිසංස ප්‍රකාශයේදී ප්‍රධාන මූලාශ්‍රය වන්නේ විපස්සී බුදුරදුන් දවස තෙමේ භික්‍ෂූන් වස් වසවා වැසි සමය තුළ සිවුපසයෙන් උපස්ථාන කර අවසානයේදී කඨින චීවර පූජාවක් කර එහි ආනිසංසයන් සසර පුරාවට විඳ අපගේ ගෞතම බුදුරදුන් දවස නාගිත නමින් හැඳින්වුන මහරහතන් වහන්සේගේ ප්‍රකාශනයක් වන නාගිත චරිතාපදානයයි. සසර ජීවිතයේදි මනුෂ්‍ය දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි සැපයයි, සැළකෙන යමක් වේද ඒ සියල්ල තමන් වහන්සේ විසින් විඳින ලද බව එහි ප්‍රකාශිතය. එතෙක් මෙතෙක් කිසිදු දුගතියකට නොගිය උන්වහන්සේ ශක්‍ර බ්‍රහ්ම චක්‍රවර්තී සම්පත් බොහෝ වාරයක් විඳින ලදහ. අවම කුලයන් නොඉපදුනහ. ආඪ්‍ය කුලයන්හිම ඉපදුනහ. ආයු , වර්ණ, සැප, බල, ප්‍රඥාවන් ගෙන් අනූන ජීවිත ලදහ. උපභෝග පරිභෝග වස්තූන් අතිමහත් ලෙස දුන් නමුත් ඒවා කඨින දානයේ ආනිසංසයෙන් කලාව (1/16)ක් තරම් හෝ නොවටින බවද ප්‍රකාශ කෙරුණි.

කඨිනය වෙනුවෙන් ව්‍යාවෘත වීමේදී දරනු ලබන අතිමහත් කායික වාචසික මානසික ප්‍රයත්නයන්ගේ එකතුවෙන් මෙලෙස ඉමහත් ආනිසංසයක් ලැබීම සාධාරණය. ඉමහත් ප්‍රයත්නයෙන් කරන ලද්දෙහි ප්‍රතිඵලය ඉමහත්ය. කඨින පිළිබඳව පළමුව අවධානය යොමු වන්නේ වස් ආරාධනාවත් සමගය. අවසානයේ සිදුකෙරෙන කඨින පින්කම පිළිබඳව අපේක්‍ෂා සහගතව එය ඉලක්ක කර ගනිමින් වස්සානය පුරා විවිධාකාර පුද පෙළහර පවත්වති. සාදු නාද මධ්‍යයේ මහ පෙරහරින් කඨින වස්ත්‍රය වඩමවා එදිනම සැකසූ සිවුරින් එම පූජාව කෙරෙනුයේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙනි. මහත් වූ ශ්‍රද්ධාවකින් හැඟීම් බරව එහිලා අත හිත ගසන නිසාම මහ පිනක් ලැබීම අනිවාර්යය. ක්‍රියාවන්හිදි උපයුක්ත වන චේතනාත්මක ස්වභාවය මත ඒවායේ ගුණාත්මක බවෙහි ප්‍රමාණය තීරණය වන නිසා බොදුනුවෝ කඨින පින්කමෙන් ඉමහත් පිනක් ලබති.
සසර බිය ජනකය. සසරින් මිදීමටත් සසරදී යම් පමණ හෝ අස්වැසිල්ලක් ලබා ගැනීමටත් ඉවහල් වන පින් , කුසල් පිළිබඳවත් දුක්ඛදායි අනුභූතින්ට සාධක වන පව් අකුසල් පිළිබඳවත් නිර්දේශයක් ඇතුළත් වනුයේ සූත්‍ර පිටකයට අයත් දේශනාවන් හිය. විනය පිටකයේ ඇත්තේ භික්‍ෂූ භික්‍ෂූණින් වෙනුවෙන් පැන වූ නීති රීති හා සිරිත් විරිත් පිළිබඳ නිර්දේශයන් වේ. එහෙත් කඨින චීවරය පිළිබඳව පැවසෙනුයේ විනය පිටකයෙහිය. එය විනයෙහි දැක්වෙන එකම පින්කම සේ සැළකීමද වටී.

විනය ප්‍රඥප්තියක් මත නිර්දේශිත කඨිනයක් ඇතිරීම භික්‍ෂුව ආනිසංස පහක් ලැබීමට කරුණුවේ. එමෙන් විනය ප්‍රඥප්තින් ඉක්ම වීමේ අවස්ථා පහකින් නිදොස් වීමටද අවකාශ සැලසේ. (පඤ්චානි සංස සහිතං - පඤ්ච දොස විවපජිතං ) නාගිත චරිතාපදානයෙහි දැක්වෙන අයුරින් සුවිශේෂ පින්ඵල ලැබීමට දායක පක්‍ෂයට අවස්ථාව ලැබෙන අතර ප්‍රතිග්‍රාහකයනටද උක්ත ආනිසංස ලැබීම විශේෂයකි.
දායකයාගේ දීමෙන් හා ප්‍රතිග්‍රාහකයාගේ පිළිගැනීමෙන් දානයක කරුණු සම්පූර්ණවේ. නමුත් කඨින දානයේ කටයුතු එලෙස නිමා නොවනු ඇත. එය සම්පූර්ණ වීමට කඨින චිවරයේ පැවරුම් ලද භික්‍ෂුව විසින් ඊට අදාළව කළයුතු විනය කර්ම රාශියක් ඇත. පැරැණි සිවුරු උපුටා දැමීම, තම සිවුරේ කප් බින්දු තැබීම, එය අධිෂ්ඨාන කිරීම, සද්ධිවිහාරිකයනට කඨිනානුමෝදනාව හා චීවර අවිප්පවාසය නම් වූ සිවුර තමා සමීපයෙන් බැහැරව නොතැබීම ආදිය වේ.

බෞද්ධයාගේ පුණ්‍යකාලය භික්‍ෂූන් වස් වසන වස් කාලයයි. සියලු විහාරස්ථානයන් කේන්ද්‍ර කරගෙන තෙරුවන් වෙනුවෙන් මල් පහන් ගිලන් පස ආදි පූජා පැවැත්වීම සෙත්පිරිත් සජ්ඣායනය, ධර්ම දේශනා ආදි වශයෙන් පෙළ ගැසෙන පින්කම් අවසානයේ සිදු කෙරෙන කඨින චීවර පූජාව දායක ප්‍රතිග්‍රාහක දෙපිරිසටම මහත් වූ පින් මහිමයක් උදා කරදෙන පින්කමකි.


0 comments :

Pali Chanting in Thai

Tisarana

นะโม ตัสสะ ภะคะวะโต อะระหะโต สัมมาสัมพุทธัสสะ
Namo tassa bhagavato arahato samma sambhudassa
Honor to Him, the Blessed one, the Worthy One, the fully Enlightened

นะโม ตัสสะ ภะคะวะโต อะระหะโต สัมมาสัมพุทธัสสะ
Namo tassa bhagavato arahato samma sambhudassa
Honor to Him, the Blessed one, the Worthy One, the fully Enlightened

นะโม ตัสสะ ภะคะวะโต อะระหะโต สัมมาสัมพุทธัสสะ
Namo tassa bhagavato arahato samma sambhudassa
Honor to Him, the Blessed one, the Worthy One, the fully Enlightened

The Three Refuges

พุทธัง สะระณัง คัจฉามิ
Buddham saranam gachami
I take refuge in the Buddha

ธัมมัง สะระณัง คัจฉามิ
Dhammam saranam gachami
I take refuge in the Dhamma

สังฆัง สะระณัง คัจฉามิ
Sangham saranam gachami
I take refuge in the Sangha

ทุติยัมปิ พุทธัง สะระณัง คัจฉามิ
Dutiyampi buddham saranam gachami
For the second time, I take refuge in the Buddha

ทุติยัมปิ ธัมมัง สะระณัง คัจฉามิ
Dutiyampi dhammam saranam gachami
For the second time, I take refuge in the Dhamma

ทุติยัมปิ สังฆัง สะระณัง คัจฉามิ
Dutiyampi sangham saranam gachami
For the second time, I take refuge in the Sangha

ตะติยัมปิ พุทธัง สะระณัง คัจฉามิ
Tatiyampi buddham saranam gachami
For the third time, I take refuge in the Buddha

ตะติยัมปิ ธัมมัง สะระณัง คัจฉามิ
Tatiyampi dhammam saranam gachami
For the third time, I take refuge in the Dhamma

ตะติยัมปิ สังฆัง สะระณัง คัจฉามิ
Tatiyampi sangham saranam gachami
For the third time, I take refuge in the Sangha  

Panca Sila - The Five Precepts

ปาณาติปาตา เวระมะณี สิกขาปะทัง สะมาทิยามิ
Pāṇātipātā veramaṇī sikkhāpadaṃ samādiyāmi.
I undertake the training rule to abstain from taking life.

อะทินนาทานา เวระมะณี สิกขาปะทัง สะมาทิยามิ
Adinnādānā veramaṇī sikkhāpadaṃ samādiyāmi.
I undertake the training rule to abstain from taking what is not given.

กาเมสุมิจฉาจารา เวระมะณี สิกขาปะทัง สะมาทิยามิ
Kāmesu micchācāra veramaṇī sikkhāpadaṃ samādiyāmi.
I undertake the training rule to abstain from sexual misconduct.

มุสาวาทา เวระมะณี สิกขาปะทัง สะมาทิยามิ
Musāvāda veramaṇī sikkhāpadaṃ samādiyāmi.
I undertake the training rule to abstain from false speech.

สุราเมระยะมัชชะปะมาทัฏฐานา เวระมะณี สิกขาปะทัง สะมาทิยามิ
Surā-meraya-majja-pamādaṭṭhānā veramaṇī sikkhāpadaṃ samādiyāmi.
I undertake the training rule to abstain from drinks and drugs that cause heedlessness.

 Attha Sila - The Eight Precepts

1.
ปา ณาติ ปา ตา เวระ มณี สิกขา ปะ ทัง สะ มา ทิยา มิ
Pānātipātā veramanī sikkhāpadam samādiyāmi
I undertake the training rule to refrain from taking life
2.
อะทิน นา ทา นา เวระ มณี สิกขา ปะ ทัง สะ มา ทิยา มิ
Adinnādānā veramanī sikkhāpadam samādiyāmi
I undertake the training rule to refrain from stealing.
3.
อะพรัหมะ จะ ริยา เวระ มณี สิกขา ปะ ทัง สะ มา ทิยา มิ
Ahbrahma cariyā veramanī sikkhāpadam samādiyāmi
I undertake the training rule to refrain from sexual intercourse
4.
มุสาวาทา เวระ มณี สิกขา ปะ ทัง สะ มา ทิยา มิ
Musāvāda veramanī sikkhāpadam samādiyāmi
I undertake the training rule to refrain from telling lies
5.
สุรา เมระยะ มัชชะ ปะ มา ทัฏ ฐานา เวระ มณี สิกขา ปะ ทัง สะ มา ทิยา มิ
Surā meraya majja pamādatthānā veramanī sikkhāpadam samādiyāmi
I undertake the training rule to refrain from intoxicating liquors & drugs that lead to carelessness
6.
วิกาละ โภชนา เวระ มณี สิกขา ปะ ทัง สะ มา ทิยา มิ
Vikāla bhojanā veramanī sikkhā padam samādiyāmi
I undertake the training rule to refrain from eating after noon & before dawn
7.
นัจ จะ คีตะ วาทิตะ วิสู กะ ทัสสะ นะ มาลา คัน ธะวิเล ปะ นะ ธาระณะมัณฑะ นะ วิภู สะนัฏ ฐานา เวระ มณี สิกขา ปะ ทัง สะ มา ทิยา มิ
Naccā gīta vādita visukkadassanā mālā gandha vilepana dhārana mandana vibhusanathānā veramani sikkhāpadam samādiyami
I undertake the training rule to refrain from dancing, singing, music, watching shows, wearing garlands, beautifying myself with perfumes & cosmetics
8.
อุจ จาสะ ยะ นะ มะ หา สะ ยะ นา เวระ มณี สิกขา ปะ ทัง สะ มา ทิยา มิ
Uccasayana mahāsayanā veramanī sikkhāpadam samādiyami
I undertake the training rule to refrain from high & luxurious seats & beds 



1 comments :

Total Pageviews



Youtube Channel