Thiripitaka Sangayanawa

 

ත්‍රිපිටක සජ්ජායනාව හා ත්‍රිපිටකය ශ්‍රවනාරූඪ කිරීම  ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශනාරාමයේදී අද දින ආරම්භ වේ. මෙම ක්‍රියාදාමය රාජකීය පණ්ඩිත පූජ්‍ය කැටවල හේමාලොක හිමියන්ගේ සංකල්පයකි.



0 comments :

Maha Vihara Vesak Program 2014

 

VESAK POYA PINKAM May 2014

2014 වෙසක් පෝ දා පින්කම්


66වැනි මහාවිහාර වෙසක් පුන් පොහොය වැඩසටහන
2014 වෙසක් පුන් පෝ දා

අනුරාධපුර ජය සිරි මහ බෝ සෙවණේ දී

          මහාවිහාර 2014 වෙසක් පුන් පොහොය වැඩසටහන මෙම 2014 මැයි මස 14 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී පැවැත්වේ.

           පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන 66වැනි විධිමත් මහාවිහාර පුන් පොහොය වැඩසටහන මෙය යි.
වෙසක් පුන් පොහෝ දින පෙරවරු 8.00ට මහාවිහාර ධර්ම සංග්‍රහය 5 දහම් පොත එහි සංස්කාරක රෝහිත විජයතිලක මහතා විසින් අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීමට නියමිත ය. අනතුරු ව අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනය පැවැත්වේ.
මෙම වෙසක් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ.
පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.

 මහාවිහාර භාවනා වැඩසටහන
මැයි 15 වැනි දා

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී

මෙම 2014 මැයි මස 15 වැනිදා, එනම් වෙසක් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.
භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
 
මේ පෝයට සිල් ගන්නට අනුරපුරට           එන්න
ජය සිරි මහ බෝ සෙවණේ දී සිල්          අරගන්න
ගත් සීලය රැකගන්නට හොඳ ම තැනට       යන්න
නිවන් දකින පාර කියන වැඩ සටහන       මෙන්න
 
          අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 2014 මැයි මස 14 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී පැවැත්වෙන 2014 වෙසක් පුන් පොහොය වැඩසටහන මෙසේ ය:
පුන් පෝ දින  
පෙරවරු 6.00 6.30 ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී
                                         ශීල සමාදානය,
                  6.30 7.00 බුද්ධ පූජාව,
                  8.00 8.05 මහාවිහාර ශාලාවේ දී
                                          මහාවිහාර ධර්ම සංග්‍රහය 5 දහම් පොත එහි සංස්කාරක 
                                          රෝහිත විජයතිලක මහතා විසින් අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු                       මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස                       නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම
                  8.05 8.30 ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනය
8.30 9.15 ධර්ම දේශනය,
8.05 8.30 ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ අනුශාසනය
                  8.30 9.15 ධර්ම දේශනය,
8.05 –  8.30 ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්   වහන්සේ අනුශාසනය
8.30 9.15 ධර්ම දේශනය,
9.15 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
10.30 11.00 බුද්ධ පූජාව
පස්වරු  12.15 2.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
2.00 2.30 ශීල ආවර්ජනය,
2.30 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
4.00 5.00 ධර්ම දේශනය,
5.15 6.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
6.30 7.00 බුද්ධ පූජාව,
7.30 8.30 ධර්ම දේශනය,
8.30 9.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
පුන් පෝ දිනට පසු දින
පෙරවරු. 5.00 5.30 මහාවිහාර ශාලාවේ දී
භාවනා
, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
6.00        ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී
සිල් පවාරණය.
පෙරවරු8.00 10.00 මහාවිහාර ශාලාවේ දී
භාවනා වැඩසටහන.

0 comments :

කවි බණ අම්මා - Kavi Bana Amma


පූජ්‍ය මාණකඳුරේ පඤ්ඤාසාර හිමි

MANAKANDURE PANNASARA HIMI 

[TITLE]:... [ AMMA - MANAKANDURE PANNASARA HIMI ] [FORMAT]:...............[ MP3 ] [FILE SIZE]:............[ 20MB ] [LANGUAGE]:.............[ Sinhala ] [QUALITY]...............[ 128kbps ] [Duration]..............[ 00.20.36 ]

0 comments :

වාර්ෂික ජය පිරිත් දේශනය @ BMICH



ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත 7 වෙනි වරටත් සංවිධානය කරනු ලබන මහා ජය පිරිත් දේශනය අද BMICH හිදී පැවැත්වේ.

0 comments :

Total Pageviews



Youtube Channel