මහනුවර සිට හිඳගල විහාරස්ථානයට කිලෝමීටර් 06 ක් පමණ දුර වේ. මෙම විහාරස්ථානය ශාන්ත
පරිසරයක පිහිටා ඇත. වළගම්බා රජු සමය, ගම්පළ යුගය. මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරන
මෙම විහාරස්ථානයේ සිතුවම් වඩාත් සමීප වන්නේ ඉන්දියාවේ අජන්තා ලෙන්සිතුවම් හා සීගිරි
චිත්‍රවලට බව විදග්ධ මතයයි.
පේරාදෙණිය ගලහ පාරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරය පසුකොට කිලෝමීටර් 2 ක් ගිය
තැන හිඳගල විහාරස්ථානය හමුවෙයි. මෙය කුඩා කඳු මුදුණක පිහිටා ඇත. විහාරය අද්දරින්
කුඩා දිය ඇළක් ගලා බසී.
විහාරයේ ඉතිහාසය වළගම්බා රජුගේ සමය දක්වා දිවයයි. වළගම්බා රජු හිඳගල විහාරයේ ලෙන
සටන් පුහුණු මධ්‍යස්ථානයක් හා රට එක්සේසත් කිරීමේ කේන්ද්‍රයක් ලෙසත් යොදාගත් අතර
එහි සිහිවටනයක් ලෙස හිඳගල රජමහා විහාරය නිර්මාණය කර ඇතැයි ඉතිහාසය කියයි.
ක්‍රිස්තු වර්ෂ 6 සහ 7 වැනි සියවස්වලට අයත් ලංකාවේ පැරණිතම බෞද්ධ චිත්‍රය මෙහි
දක්නට ලැබේ. ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතයට අනුව බුදුන් වහන්සේ තව්තිසා දිව්‍ය
ලෝකයේදි මාතෘ දිව්‍ය රාජයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කිරීම මෙහි ඇතුළත් වේ.
පරණවිතාන මහතා පෙන්වා දෙන්නේ මෙහි චිත්‍ර 5-6 වැනි සියවස්වල සීගිරි චිත්‍ර යුගයට
අයත් බවත් වෙයි.
ඉන්ද්‍රපාල ගුහා වශයෙන් හඳුන්වන්නට ඇති අතර පසුව එය හිඳගල වී ඇතිබවත්ය. ගම්පළ යුගයේ
3 වැනි වික්‍රමබාහු රජුගේ සමයේදී මෙම විහාරස්ථානය නැවත ප්‍රතිසංස්කරණයට ලක්වී ඇත.
හෙන කඳ බිසෝබණ්ඩාර දේවියගේ රාජනුග්‍රහය මෙම විහාරයට ලැබී ඇතැයි පැවැසේ. එම දේවියගේ
කාලයේදී මෙම විහාරස්ථානයට හැටපස් අමුණක් ඉඩම් පූජා කොට ඇත. ගම්පළ යුගයෙන් පසු
රාජාධිරාජසිංහ රජුගේ සමයේදි ගම්පළ යුගයේ අඳින ලද චිත්‍ර එම රජුගේ මහනුවර යුගයේ
කාලයේ යළි ප්‍රතිසංස්කරණයට ලක් වී ඇත.
විහාරය තුළ වෙස්සන්තර ජාතකය, දහම්සොඬ ජාතකය, සූවිසි විවරණය, සත් සතිය, මාරපරාජය
සුජාතාවගේ කිරිපිඩුදානය, මහා අභිනිෂ්ක්‍රමණය ඇතුළතින් චිත්‍ර දක්නට ලැබේ.
ඉංගී‍්‍රසින්ට ලක්දිව යටත්වූ පසුව පුසුල්පිටියේ තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩම කරවන
අතරතුර හිඳගල විහාරයේ දිනක් තැන්පත් කර තිබූ බවත් සඳහන් වේ. මෙම හිඳගල විහාරයේ
විහාරාධිවාසි ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියන් සඳහන් කරන්නේ ලංකාවේ ඉපැරණිම චිත්‍ර
දක්නට ඇති බවයි.
හිඳගල ඵෙතිහාසික විහාරස්ථානය මෙරට සිතුවම් කලාවේ කේන්ද්‍රස්ථානයක් වන අතර එම
සිතුවම් මතු පරපුරට ආරක්ෂා කොට දීම වගකිවයුත්තන්ගේ පරම යුතුකමකි.
මහනුවර සිට හිඳගල විහාරස්ථානයට කිලෝමීටර් 06 ක් පමණ දුර වේ. මෙම විහාරස්ථානය ශාන්ත
පරිසරයක පිහිටා ඇත. වළගම්බා රජු සමය, ගම්පළ යුගය. මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරන
මෙම විහාරස්ථානයේ සිතුවම් වඩාත් සමීප වන්නේ ඉන්දියාවේ අජන්තා ලෙන්සිතුවම් හා සීගිරි
චිත්‍රවලට බව විදග්ධ මතයයි.
මෙහි ඇති බුදුන් වහන්සේගේ චිත්‍රය අජන්තා චිත්‍ර සම්ප්‍රදාය සිහිපත් කරන බව විදග්ධ
මතය බවට පත්වී ඇත. බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායයන් ගවේෂණය කරන්නන්ට මෙම හිඳගල විහාරය
මහාර්ඝ සම්පතකි.